Saturday, August 24, 2013

ඉන්ද්‍රජාලිකයාගේ පානය


ඔහු පානය කරමින් සිටියේ කුමක්ද? ප්‍රේක්ෂකාගාරය බලා සිටියා. වස! වස බීම අත්හදා බලන්න. කවුරැත් ඉදිරිපත් නොවුණු නිසා ඔහු එය හාවෙකුට පෙව්වා. එක් ක්ෂණයකින් හරස් අතට පෙරළී වැටෙන හාවා ගැන මිනිසුන් කිසිවෙකුටවත් දුකක් ඇති වුණේ නැහැ. ඔවුන් හාවා මිය යන දෙස බලා සිටියේ ඉන් මොහොතකට පසු එළැඹෙන්නට තිබුණු ඉන්ද්‍රජාලිකයාගේ වස පානය වෙනුවෙන්. ඔවු! ඔබ පළමු පේළියෙන් අත්වින්ඳේ එම උත්කර්ෂයයි.

ඉන්ද්‍රජාලිකයා මිය ගියේ නැහැ. ඒ සමඟම ප්‍රේක්ෂකයන් පිරිසක් විස්මයට පත් වුණා. තවත් පිරිසක් හාවුන්ට විෂවන මිනිසුන්ට විෂ නොවන පානයක් ගැන කල්පනා කළා. එසේ නිර්භය මිනිසෙකු නැවත පානය අත්හදා බලන්නට තීරණය කළා. විෂ තොල ගෑවෙන සැණින් ඔහු මිය ගියා. ප්‍රේක්ෂකයා අත්පුඩි ගැසුවා. ශාලාවේ වැඩ කටයුතු බැලීමට සිටි සීයා දෙඟිඩියාවකින් සිටියා. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොළසන් නැගෙනුයේ මියගිය නිර්භය මිනිසාටද, මිය නොගිය දක්ෂ ඉන්ද්‍රජාලිකයාටද යන්නටයි.

මිනිසුන් සියල්ලෝම ඉන්ද්‍රජාලිකයාගේ පානය සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. ඒ අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්ද්‍රජාලිකයා වැඩසටහනට ඒමට පෙර යමක් පානය කරනු දැක තිබුණා. එම බෝතලය සොරකම් කළ ඔහු එම වැඩසටහනේ දෙවැනි කොටසේදී යළිත් වරක් පෙර ඉන්ද්‍රජාලය කිරීමට ඉන්ද්‍රජාලිකයාට යෝජනා කළා. ඒ මොහොත වනවිටත් ප්‍රේක්ෂකාගාරයේ පිරිසෙන් භාගයක්ම බෝතලයම පානය කර තිබුණා.

ඉන්ද්‍රජාලිකයාගේ මුවඟ සිනහවක් තිබුණා. ඔහු ඔහුගේ බෝතල්වලින් නැතිවූ බෝතලය පිළිබඳ දැන සිටියා. ඔහු නැවත වරක් සංදර්ශනයේදී වස පානය කළ අතර එය අත්හදා බලන්නට ප්‍රේක්ෂකයාට ආරාධනා නොකර සිටියා. ප්‍රේක්ෂකාගාරයේ සිටි බොහෝමයක් මැරී වැටුණා. ඉතිරිවී සිටි පිරිසට ඉන්ද්‍රජාලිකයා ඇමතුවා.


&විෂ නැසිය හැකියි. ඒ විෂ මා නැසුවේ තවත් විෂකින්.*

5 comments:

  1. මිනිස්සු කියන ජාතිය ඔහොම්මමයි.., මිනිහෙකුට වහ ටිකක්වත් නිදහසේ බොන්න දෙන්නෑ.., ඒකත් ඉල්ලගෙන බොන්න දඟළනවා.!

    ReplyDelete
  2. මටත් හිතෙනවා ඔය වගේ ඉන්ද්‍රජාලිකයෙක් ම වෙන්න

    ReplyDelete
  3. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා මතක් උනේ වචන භාවිතාව හින්දා වෙන්න ඇති...

    දැන් ඉතිං මේක ෆලෝ කරන්නේ කො‌ෙහාමද මං වගේ 300 පන්නපු අසරණයෝ... ෆලෝවර් ගැජට් එක හොයලා එල්ලන්නකෝ.... හි හි

    ReplyDelete

ඕනනං හිතුනනං සද්දයක් හලල පලයං.. කමෙන්ට්කාරයොන්ට ඉඩ..