උපේක්ෂාවෙන් ටිකට් ගොඩදිහා බලං ඉඳපු මට අවසානයේදී හැඟුණේ හරිම පුස්
හැඟීමක්. ඒක අප්පිරියාවක් කියන්නත් බැහැ. මම ඒක දිහා හිස් දෑසින් බලං හිටියා. ඒක
හිස් බවක්ද? පරාජිත හැඟීමක්ද?
වාසනා කියන වචනෙ තැනිං තැන මාරැවෙවී හැදිච්ච විකිරණ කොළ ගොඩ මම ලෑල්ලක
අමුණං කරගහං හිටියා. සමහර මිනිස්සු මම අතින් කඩල දීපු කොළේ නොගත්තේ, මගේ දිහා
අවාසනාවන්තයෙක් වගේ බලන ගමං. හෙහ් ! මෙච්චර වාසනාවක් කරගහං ඉන්න මං දිහා..
"අද අදිනවා.... අද අදිනවා
සුපිරි ජයමල්ල කෝටි දෙකයි*
රතුපාට ගිනි කුරැල්ලෙක් වැල්ලවත්තත් දෙහිවලත් බෙදෙන පාලම ගාව නැවැත්තුවා. ඒ
නවත්තන කොට පාලමට පහළින් ගංදියේ ඇදෙන මගේ රැව දිහා මං ආඩම්බරයෙන් බලං හිටියා. රතු ගිනි
කුරැල්ලගෙන් බැහැලා ආපු ගිනි කිකිළියෙක් මට ලොතරුයියක් දික්කළා.
රැපියල් පන්සීයක් ! මම ටිකට් එක තියාගෙන ඒකට දිනුම් ඇදුණු රැපියල් පන්සීය
දික්කළා. ඇය එය හැඟීමකින් තොරව සාක්කුවට ඔබාගෙන ගිනි කුරැල්ලෙගේ නැගිලා යන්න ගියා.
ආපහු කොලේ බලපු මට වෙච්ච වැරුද්ද තේරැණා. මගේ දෙකකුල් ඇයට හිමි රැපියල් එක්දාස්
පන්සීය දෙන්න ඉදිරියට දිවගියත්, මගේ හිත මාව ආපස්සට ඇද්දා.
අවසානයේ ඇයට නොවටිතැයි පසක් වුණු රැපියල් එක්දාස් පන්සීයක් මා
වාසනාවන්තයෙකැයි යන හැඟීම තීව්‍ර කරන තවත් එක් සාධකයක් වුණා.