Saturday, September 21, 2013

අද අදිනවා


උපේක්ෂාවෙන් ටිකට් ගොඩදිහා බලං ඉඳපු මට අවසානයේදී හැඟුණේ හරිම පුස් හැඟීමක්. ඒක අප්පිරියාවක් කියන්නත් බැහැ. මම ඒක දිහා හිස් දෑසින් බලං හිටියා. ඒක හිස් බවක්ද? පරාජිත හැඟීමක්ද?
වාසනා කියන වචනෙ තැනිං තැන මාරැවෙවී හැදිච්ච විකිරණ කොළ ගොඩ මම ලෑල්ලක අමුණං කරගහං හිටියා. සමහර මිනිස්සු මම අතින් කඩල දීපු කොළේ නොගත්තේ, මගේ දිහා අවාසනාවන්තයෙක් වගේ බලන ගමං. හෙහ් ! මෙච්චර වාසනාවක් කරගහං ඉන්න මං දිහා..

 "අද අදිනවා.... අද අදිනවා සුපිරි ජයමල්ල කෝටි දෙකයි*

රතුපාට ගිනි කුරැල්ලෙක් වැල්ලවත්තත් දෙහිවලත් බෙදෙන පාලම ගාව නැවැත්තුවා. ඒ නවත්තන කොට පාලමට පහළින් ගංදියේ ඇදෙන මගේ රැව දිහා මං ආඩම්බරයෙන් බලං හිටියා. රතු ගිනි කුරැල්ලගෙන් බැහැලා ආපු ගිනි කිකිළියෙක් මට ලොතරුයියක් දික්කළා.

රැපියල් පන්සීයක් ! මම ටිකට් එක තියාගෙන ඒකට දිනුම් ඇදුණු රැපියල් පන්සීය දික්කළා. ඇය එය හැඟීමකින් තොරව සාක්කුවට ඔබාගෙන ගිනි කුරැල්ලෙගේ නැගිලා යන්න ගියා. ආපහු කොලේ බලපු මට වෙච්ච වැරුද්ද තේරැණා. මගේ දෙකකුල් ඇයට හිමි රැපියල් එක්දාස් පන්සීය දෙන්න ඉදිරියට දිවගියත්, මගේ හිත මාව ආපස්සට ඇද්දා.

අවසානයේ ඇයට නොවටිතැයි පසක් වුණු රැපියල් එක්දාස් පන්සීයක් මා වාසනාවන්තයෙකැයි යන හැඟීම තීව්‍ර කරන තවත් එක් සාධකයක් වුණා.


Sunday, September 1, 2013

හෙටත් මල් පරවෙයි


උදේට අලුත් දවසක් පටන් ගන්නවා. සඳුද උදේට සතියක් ආරම්භ වෙනවා. එතකොට අලුත් අවුරැද්දත් හෙටින් ආරම්භ වෙනවා. ඔය විදියටම 2010 දශකය ආරම්භ වීමත් අපේ හිතේ තියෙනවා. එමෙන්ම නව සහස්‍රකය 2000 වසරේදී ආරම්භ වෙනවා දැකපු අපිට ඒ වෙනුවෙන් නිමැවුණු ගීතයත් තවමත් මතකයි. ඒත් සමීක්ෂණ කරල අවසානයේ එන ප්‍රතිඵලේ වෙන්නෙ මේ අවුරැද්ද කලින් අවුරැදුවලට සාපේක්ෂව නරකයි කියන එක. නමුත් හැම අවුරැද්දක අන්තිම මාසෙ අන්තිම සතියෙ ඇතුළේ අපිට ලබන අවුරැද්ද වඩා හොඳ කරගන්න දේශනා, අවවාද දෙන පිරිස වැඩිවෙලා.

ලෝක විනාස වෙනවැයි කියල මාකට් වෙන්න ගිය පිරිස් තමන්ගේ මාකට් එකේම හිටගෙන මිනිස්සුන්ට බනිනවා. අභ්‍යන්තරිකව හෝ රටවල් අතරේ යුද්ධයක් ඇති නොවෙනව නම් හමුදාව වැඩක් නෑ. මිනිස්සු නීති ගරැකව හැසිරෙනව නම් පොලීසිය වැඩක් නෑ. එහෙනම් මේ දවසින් දවස හැදෙන න්‍යෂ්ටික අවිවලට රටවල් වියදම් කරන්නෙ තමන්ගෙ තත්ත්වෙ පෙන්නන්නද ?

මෙහෙව් තැනක මල්වලට ඉඩක් නැහැ.

මිනිස් වාසයකින් තොර දුර ඈත පැත්තක මල් දෙකක් පිපිල තිබුණ. ඒ, ඒ ජාතියෙන් මුළු ලෝකෙටම ඉතුරැවෙල තිබ්බ අන්තිම මල් දෙක. ඒ මල්වල සිනිඳු පහස ලබන්න හිතාගෙන හැමදාම හුළං පාරවල් ඒ හරහා ඇදිල ගියා. බඹරැ වෙන කිසිම තැනක නොදුටු ඒ මල් දෙක සොයාගෙන ඒ වෙනුවෙන් බොහෝ දුර පියාඹා ආවා. නමුත් ඒ මල් හිටියේ සතුටකින් නෙමෙයි. තමන්ගේ පරපුරේ අවසාන පුරැක ඔවුන් බව දැන සිටි නිසා. නිතරම වඩා වැඩි දුකක් ඔවුන්ගෙන් පිළිබිඹු වුණා. නමුත්, ඔවුන් දැන සිටියෙ නැහැ ඔවුන් අද සවස පරවුණත් හෙට යළි ඉපදෙන බව.


දශක කිහිපයක පරිණාමයෙන් පසුත් දිගටම පිපෙමින් පැවතුණු පෘථිවියට ආවේණික ඒ මල් යම්තාක් දුරකට චින්තනමය වශයෙන් ඉදිරියට ගොස් සිටියා. ඒ ඔවුන් පසුදින ඉපදෙන විට පෙරදින මියැදෙන තම හැඩයේම මල් දෙකක් බිමවැටී තිබෙනු දුටු නිසයි. ඔවුන් යථාර්ථය වටහාගෙන තිබුණා. අදත් හෙටත් ඔවුන් ඔවුන් පරව යන සේම, අදත් හෙටත් ඔවුන්ගේ ඉපදීම සිදුවන බව ඔවුන් දැන සිටියා. එනිසා දැන් ඔවුන් සතුටින්. නමුත් ඔවුන් එක් දෙයක් දැන සිටියෙ නැහැ. ඒ ගෙවෙන්නාවූ දවසින් දවස පෘථිවියට ආවේණික සත්ත්වයෙකු වූ %මිනිසා^ තමාට ළඟා වෙන බවයි.